
හැදින්වීම
Graphics/Video Adaptor
එකක් නැතහොත් වීඩියෝ කාඩ්(Video Card) එකක් එහෙමත් නැත්නම්
බොහෝ දෙ නා
VGA card නමින්වැ ර දි ල ෙ ස හදුන්වන ග් රැෆික් කාඩ්පත(Graphic Card) පරිගණකයට වැදගත්වන්නේ
එහි ග් රැෆික දත්ත සැකසීමේ (
Graphic Processing) කටයුතු කිරීමටයි.
එනම් පෙන්විය යුතු (
display) ප් රතිධාන චිත් ර (output images) සෑදීම හා 3D හා 2D ග් රැෆික සකසාදීම් කටයුතු
(Graphics Render)
කිරීම ආදියටයි.
පරිගණක වීඩියෝ ක් රීඩා
, ත් රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු Video
Card
එකක්තෝරාගැනීමේදී අප මූලිකවදැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවේ.
ග් රැෆික් කාඩ්පතක ප් රධාන කොටස්
Graphic Card
එකක ඇති ප් රධානතම කොටස් දෙක වන්නේ එහි ග් රැෆික සකසන ඒකකය (Graphic Processing Unit)
සහ
මතකය (
memory) යි.
මෙයින්ද වඩාත් වැදගත් වන්නේ
Graphics Card එකක ඇති ග් රැෆික සකසන ඒකකය Graphic Processing Unit (GPU)
එකයි.
ඉහත රූපය බලන්න
, බොහෝ විට මෙය විශාල Heat Sink එකකින් හෝ Fan එකකින් ආවරනය වන නිසා පියවි ඇසට
දර්ශනය නොවේ.
දත්ත සකසනයකින් (
Processor) දත්ත සකසන ආකාරයටම Graphics Card එකක වීඩියෝ/ත් රිමාණ රූප දත්ත
(Graphical/Video Data)
සකසන්නේ මෙම Graphic Processing Unit එක මගිනි.
මේ නිසා පරිගණකයකට දත්ත සකසනයක (
Processor) වේගය බලපාන තරමටම Graphics Card එකකට එහි
GPU
එකෙහි වේගය බලපායි.
නව ග් රැපික් කාඩ්පත් වල පරිගණන බලය (
Computing Power) 5 Tera FLOPS (floating point operations per second)
(
තප්පරයට ගණනය කිරීම් මිලියන මිලියනයක්)
තරම් විශාල අගයක් ගන්නා අතර
එය සාමාන් ය ප් රොසෙසරයක් හා සසඳනවිට
10 ~15 ගුණයකටත් වැඩි අගයකි.
මෙම සුපිරි
'ඉපිලෙන ලක්ශ ගණිතාංකන' (floating point operation) බලය නිසා අද බොහෝ සුපිරි පරිගණක(Super
Computers)
CPU
හා සමගාමීව GPU ද යොදාගනී.
මෙම ක් රියාවලිය
GPGPU (General Purpose Computing on Graphic Processing Units) ලෙස හදුන්වයි.
වර්තමානයේ බලවත්ම සුපිරි පරිගණක
5ක් 3ක්ම මෙසේ GPU වල බලය තම කටයුතු සදහා යොදාගනී.

වෙළදපොළ
අද වෙළදපොලේ ප් රධාන ලෙසම
Graphics Card සදහා Graphic Processing Unit නිෂ්පාදනය කරන සමාගම් 2කි.
ඒවා නම්
nVidia Geforce හා ATI Radeon යන වෙළද නාමයන්ය.
ඔවුන් සමස්ත ලෝක වෙළදපොළෙන්
99% කට ආසන්න ප් රමාණයක් හිමිකරගෙන සිටියි.
තවද
VIA , S3 Graphics සහ Matrox යන සමාගම්ද ඉතා සුළු වශයෙන් GPU නිෂ්පාදනය කරයි.
එහෙත් පරිගණක භාවිත කරන්නන්ගෙන්
49.4% ම භාවිතා කරන්නේ Intel on Board ග් රැෆික් ප් රොසෙසරයි.
21% ATI
සමාගමේ කාඩ්පත්ද ද 28% NVIDIA සමාගමේ නිෂ්පාදනද භාවිතා කරයි. (1)
GPU
උපාංග Printed Circuit Board(PCB) එකක් මත අනෙක් උපාංග සමග එකලස් කරගත්විට Graphic Card
එකක් නිර්මාණය වේ.
ඒවා
Geforce හෝ Radeon වෙළදනාම යටතේ නිකුත් කරයි.
ඊට අමතරව ඉහත සමාගම් මගින් සාදනලද
GPU වෙනත් තෙවන පාර්ශව නිලලත් සමාගම් මගින් මිලදීගෙන ඒවා
තම වෙළද නාම යටතේ
Graphic Card එකක් ලෙස එකලස් කර වෙළද පොළට නිකුත් කරයි.
(
උදා:- Asus, Gigabyte, MIS, Foxconn)
උදාහරණ:-
Asus EN9600GT
MIS N9600GT
Foxconn 9600GT
nVidia Geforce 9600GT
වෙළද නාමය වෙනස් වුවද මේ
Graphics Card 4 හිම අඩංගු වන්නේ nvidia Geforce G94 දරණ කේතනාමය සහිත
එකම
GPU වර්ගයයි.
එම
GPU නිෂ්පාදනය කර අනෙක් සමාගම් වලට බෙදා හරිනු ලබන්නේ NVIDIA සමාගමෙනි.
එම චිප එකලස් කර ඒවාට යම් යම් විශේෂාංග එකතු කර වෙළදපොළට නිකුත් කිරීම අනෙක් සමාගම් මගින් සිදුකරයි.

තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු වන කරුණු
ඔබේ මවු පුවරුව
ග් රැෆික් කාඩ් තෝරාගැනීමේදී පළමුවම සලකා බැලිය යුතු කරුනක් වන්නේ ඔබේ මවු පුරරුවට ග් රැෆික් කාඩ් එක
සවි වන විස්තාරන කාඩ්පත (
expansion card) එක කුමක්ද යන්නයි.
දැනව භාවිතයේ එතරම් නැති යල් පැන ගිය
AGP හා නව PCI-E අතරින් වර්තමානයේ බහුලව භාවිතා
වන
PCI - E කාඩ්පත් තෝරාගැනීම කළයුතුය.
chip manufacturing process
මතකය හා මතක ධාරිතාවය
Graphics Card
එකක් තෝරාගැනීමේදී එහි මතකය ගැන දැන් සලකා බලමු.
අ ප අ තර පවතින වැරදි මතයක් නම්
Graphics Card එකක මතකයේ ප් රමාණය වැඩි
නම් (
GPU එක කුමක් වුවත්) එය මිලදී ගැනීම සුදුසුය යන්නයි.
එහෙත් එය වැරදි මතයකි.
Graphics Card එකක මතකය අවශ් ය වන්නේ resolution හා color depth වලට අදාලව
display
කළයුතු images වල data තැන්පත් කිරීමටත් 3D graphics, textures, vertex buffers අදියේ depth coordinates
වල
data තැන්පත් කරගැනීම ආදියටයි.
වර්තමානයේ පවතින අවශ් යතා අනුව මේ සියළු ග් රැපික කටයුතු ඉටුකර ගැනීම සදහා සාමාන් යයෙන්
14’ ~15’
ප් රමාණයේ
monitor
එකක් සදහා 256MB දක්වා වූ මතකයක්ද,
17’ ~
දක්වා වූ monitor සදහා 512MB පමණ මතකයක්ද 21’ , 23’ හෝ ඊටත් වඩා විශාල(වැඩි resolution සහිත) monitor
සදහා
1GB මතකයක්ද ප් රමාණවත් වේ.
එනම්
Graphics Card එකක මතකය බොහෝ දුරට බලපාන්නේ එමගින් display කිරීමට යන resolution එකේ ප් රමාණය
අනුවයි.
එමනිසා ඔබ භාවිතා කරන
monitor එකේ ප් රමාණය අනුව ඔබට අවශ් ය මතක ප් රමාණය ගැන අදහසක්
ලබාගතහැකිය.
අවශ් යතාවයට වඩා වැඩියෙන් මතකය තිබීම මගින් විශේෂ වාසියක් අත්නොවන අතර මුදල් නාස්තියක් පමණක් සිදුවේ.

මතකක චිප වල වේගය
මතකයේ ප් රමාණය මෙන්ම එහි වේගයද
Graphics Card එකක ක් රියාවට ඍජුව බලපායි.
Graphics Card
සදහා භවිතා වන memory වර්ග හා ඒවායේ performance අනුව පිළිවෙල කෙටියෙන් පහත දැක්වේ.
වේගය
SD < DDR < DDR2 < GDDR2 < DDR3/GDDR3 < GDDR4 < GDDR5
GDDR
යනු Graphics Card සදහා පමණක් යොදාගන්නා මතකයකි.
එමනිසා
GDDR හා DDR අතර ඍජු සබඳතාවක් නැත.
මතකයේ වේගය
Graphics Card එකට බලපාන අයුරු
උදාහරණ:
8600GT DDR2 512MB
කාඩ්පත - මතකය ක් රියා කරන වේගයmemory bandwidth =12.8GBps
8600GT DDR3 256MB
කාඩ්පත - මතකය ක් රියා කරන වේගය memory bandwidth = 22.4GBps
DDR3
මතකය සහිත කාඩ්පත මතකය 256MB උවද 512MB මතකයක් ඇති කාඩ් පතට වඩා සැලකියයුතු තරම්
ප් රබලතාවක් ලබා ඇත.
එකම
GPU වර්ගය සහිත Graphic Card දෙකක මතකය DDR2
සිට
GDDR3 වලට පැමිනෙනවිට video දත්ත හුවමාරු වේගය 2 ගුණයකින් පමණ වැඩි වී ඇති නිසා Graphic Card එකේ
වේගයටද
එය කෙලින්ම බලපා ඇත.

Quad SLI
තාක්ශණය - එකම මවුපුවරුවේ NVIDIA Graphic Card හතරක් සවිකොට ඒවා තනි ප් රබල කාඩ්පතක් ලෙස ක් රියාකරවීම මෙමගින්
සිදුවේ.
එසේම
Dual SLI හෝ Triple SLI ලෙස කාඩ්පත් 2 හෝ 3 ලෙසද මෙම තාශණය භාවිතා කළහැක.
මේ සදහා අදාල පහසුකම සහිත
Mother Board එකක් සහ NVIDIA Graphic Card අවශ් ය වේ.
මීට සමගාමීව
ATI සමාගම CrossFire නම් පහසුකම තම කාඩ්පත් සදහා ලබාදෙයි.
එයද ග් රැෆික් කාඩ්
2, 3 හෝ 4 භාවිතයෙන් බලගැන්වියහැකිය.
Graphic Processing Unit
එක
මීළගට
Graphics Card එකක් තෝරා ගැනීමේදී එහි GPU එක තෝරාගැනීම පිළිබදව සලකා බලමු. Graphics Card
එකක මතක
ප් රමාණය කොතරම් වුවත් එහි
GPU එක දුබල එකක් නම් එමගින් ලැබෙන ක් රියාකාරීත්වය අඩුය.
උදාහරණයක් ලෙස
nvidia 7200GS වර්ගයේ 1GB මතකයක් සහිත Graphics Card එකක අඩු වශයෙන් නවීන පරිගණක
ක් රීඩාවක්
ක් රීයාත්මක කරගත හැකි දැයි බලන්න.
එහෙත්
8600GTS GDDR3 256MB මතකයක් පමණක් ඇති Graphics Card එකක් මගින් බොහෝ පරිගණක ක් රීඩා
හොද තත්වයෙන් ක් රීඩා කළහැකිය.
මෙසේ වන්නේ
7200GS වර්ගයේ Graphics Card එකකට වඩා කීප ගුණයක් වැඩි Graphic Processing Power එකක්
සහ
GDDR3
මතකයක් 8600GTS Graphics Card එක සතු වීමයි.
දැන් අප වෙන වෙනම ප් රධාන ග් රැෆික් කාඩ්පත් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන දෙස කෙටියෙන් විමසුමක් කරමු.
NVIDIA Geforce

nVidia Geforce 256 , 2 , 3, 4, 5(FX) , 6 ,7 , 8 , 9 , 100 , 200 , 300 , 400
සහ 500 ලෙස පරම්පරා ගණනාවකි.
දැනට
9 , 100 , 200 , 400 සහ 500 යන කාණ්ඩ වලට අයත් GPU දැනට වැඩි වශයෙන් භාවිතයේ ඇත.
මෙම කාඩ්පත් එහි නමෙන් වෙන්කර හදුනාගන්නා අයුරු සලකා බලමු
මුලින්ම ඇති ඉලක්කම මගින් කාඩ්පතේ කාණ්ඩය නිරූපනය වේ.
උදාහරණයක් ලෙස
9800GTX සදහා
මුල ඉලක්කම
9 නිසා Geforce 9 කාණ්ඩයට අයත්වේ.
කාණ්ඩය අළුත් වන්නට වන්නට වීඩියෝ කාඩ්පතෙහි ප් රබලතාවද වැඩි වේ
ඉන්පසු
2 හා 3 ඉලක්කම් පිලිබද සලකා බලමු
2
හා 3වන ඉලක්කම් වැඩිවන විට GPU එකෙහි ප් රබලතාවය වැඩි වේ.
2
වන ඉලක්කම වෙනස් වනවිට GPU වර්ගයද වෙනස් වේ.
උදාහරණ :
9600GT < 9800GT
GTX280 <GTX 285
2
හා 3 ඉලක්කම 00 ~ 40 දක්වා අඩු ප් රබලාතාවක් ඇති (Low End)
උදාහරණ:
9200GS, GT220
50 ~ 70
මධ් යම කාණ්ඩයේ (Mid Range)
උදාහරණ:
9500GT, 9600GT, GTS250 ,GTS450
80 ~ 99
ප් රබලතාව වැඩි (High end and Enthusiastic)
උදාහරණ:
9800GT, 9800 GX2
GTX280, GTX470, GTX 590
මීට අමතරව අග ඇති
English අකුරු 2 හෝ 3 අනුව Graphics Card එකේ ප් රබලතාවය
වෙනස් වේ
SE, PE, GS - Low Range
GTS, GT - Mid Range
GTX , Ultra - High End
Geforce GTX590 3GB

four HD4850s on quad crossfire

Dual Crossfire
ATI Radeon

R100, R200, R300, R420, R520, R600, R700, Evergreen
සහ Northern Island
ලෙස විහිදෙන කාණ්ඩ ගණනාවකි.
මේවා අතරින්
R700 සහ Evergreen සහ Northern Island දැනට වැඩිපුර භාවිතා වේ.
R700 - HD 4xxx
Evergreen - HD 5xxx
Northern Island - HD 6xxx

දැන් අප මෙම කාඩ්පත් ඒවායෙ නමින් වෙන්කර හදුනාගැනීමට බලමු
උදාහරණ:-
Radeon R700 කාණ්ඩය එනම් HD4870 ගනිමු
පළමු ඉලක්කමෙන් එහි කාණ්ඩය නිරූපනය කරයි. එනම් මෙය
HD 4xxx කාණ්ඩයට අයත්ය.
2
වන ඉලක්කම 8 මගින් එය ප් රබල කාණ්ඩයේ කාඩ්පතක් බව පෙන්වයි.
3
වන ඉලක්කම 7 නිසා එය එම ප් රබල කාඩ්පත් කාණ්ඩයේ උපරිම හෝ මැදි කාඩ්පතකි.
මෙම අවස්ථාවේදී නම් එක මැදි කාඩ් පතයි
, HD 4890 මෙම කාඩ්පතට වඩා ප් රබල එකකි.
එහෙත්
HD 3870 වැනි කාඩ්පතක් ගත්විට එය එම කාණ්ඩයේ තනි GPU එකක් සහිත ප් රබලතම කාඩ්පතයි.
nvidia
කාඩ්පත් වල මෙන්ම මෙහිද සමාන රටාවකට කාඩ්පත් වෙන් කරගත හැක.
2
හා 3 ඉලක්කම්
00 ~ 49
දක්වා Low End අඩු ප් රබලාතාවක් ඇති
උදාහරණ:
HD 3450, HD 5450
50 ~ 79
මධ් යම කාණ්ඩය(Mid Range)
උදාහරණ:
HD 4650, HD5670 , HD5770 ,
80 ~ 99
ප් රබලතාව වැඩි (High end and Enthusiastic)
උදාහරණ:
HD 4870, HD 5850, HD 6990
අග හෝ මුල ඇති
English අකුරු 2 හෝ 3 අනුවද Graphics Card එකේ
ප් රබලතාවය වෙනස් වේ
SE, HM, PE - Low Range
XT, XL, Pro, GTO, GT - Mid Range
XT, XTX, XL, Pro, GTO, GT – High End
එ හෙ ත ් එ ම අ කුර ු වර ්ගීකර නය නව
Radeon කා ඩ්පත ් වල දක්නට නැ ත .
ඉහත සදහන් විස්තර මගින් ඔබට වෙළදපොලේ ඇති
Graphics Card එකක නම භාවිතයෙන් එහි
ප් රබලතාවය පිළිබදව අදහසක් ලබාගත හැකි වනු ඇත.

HD 6990 4GB
දැනට වෙලදපොලේ ඇති
ATI ප් රබලතම කාඩ්පත මෙය GPU දෙකක් සහිත ග් රැෆික් කාඩ්පතකි.
එනම් එකම පුවරුවේ
GPU දෙකක් එකලස් කර එම චිප දෙකෙහිම බලය කාඩ්පත සදහා යොදාගනී.
මීට අමතරව වෙන වෙනම
PCB පුවරු ලේයර දෙකක් ලෙස එකලස් කල GPU දෙකක් මෙසේ තනි කාඩ්පතක් ලෙස ඉදිරිපත් කරන අවස්ථාද ඇත.
පහත රූපය
GPU දෙකක් සහිත GTX 590 NVIDIA කාඩ්පත
මෙය දැනට ඇති
NVIDIA ප් රබලතම ග් රැෆික් කාඩ්පතයි
Laptop Graphics

mobile GPU Laptop
පරිගණක වල භාවිතයට සුදුසු වන ලෙස අඩු ශක්ති පරිභෝජනයක් සහිතව නිපදවා ඇත.
Laptop
වල යොදාගන්නා Graphics Cards හදුනාගැනීම සදහාද මෙම ක් රියාවලියම අනුගමනය කළ හැකිය අතර බොහෝ විට
Laptop GPU
සදහා
mobile හෝ M ලෙස යෙදා desktop GPU වල නමම භාවිතා කරයි.
උදා:-
9600GT හි mobile version එක 9600M GT වේ.
OnBoard/Integrated/Shared Graphics
Mother board
නිෂ්පාදනය කරන විට එහි chip set එකෙහි north bridge එකේහිම කොටසක් ලෙස නිෂ්පාදනය කරන
GPU, Integrated Graphics
ලෙස හදුන්වයි.
එහි ක් රියාකරීත්වයට අවශ් ය මතකය ලබාගනේ පරිගණකයේ ප් රධාන මතකයෙන් කොටසක් නිසා
shared graphics
ලෙසද හදුන්වයි.
බාහිරින් ගෙන සවි කරන
Dedicated Graphics Card එකක් හා සසදනවිට මෙහි ප් රබලතාවය ඉතා සීමා සහිත වන අතර
Dedicated Graphics Card
එකකට ආදේශකයක් ලෙස කිසිලෙසකවත් භාවිතා කිරීම සුදුසු නැත. මීට අමතරව නවතම
core i3 සහ core i5 Intel දත්ත
සකසන වල අමතර උපාංගයක් ලෙස
GPU එකක් ද ඇතුලත් කර නිපදවා ඇත. සාමාන් යයෙන් මවු පුවරුවේ ඇති
Onboard Graphics
වලට වඩා එය ප් රබල වුවද පිටතින් සවි කරන වීඩීයෝ කාඩ් තරම් ප් රබල නැත.
3 Monitor Gaming with single HD 6990
නව ප් රබල ග් රැෆික් කාඩ්පත් වල
DVI output සහ mini-DisplayPort කීපයක් (3~5) ඇති අතර
ඒවා මගින් මෙසේ මොනිටර
3කට හෝ 5ක් දක්වා වූ ප් රමාණයකට එකම ප් රතිදාන ග් රැෆික් චිත් රය ලබාදෙයි.
මෙමගින් සුපිරි පරිගණක ක් රීඩා අත්දැකීමක් ලබාගතහැකිය

රූපය:
DVI port සහ mini Display port
Dual Link DVI Port
එකට අමතරව Mini Display port 4ක් මගින්
මො නිටර
5ක්දක්වා තනි ග් රැෆික් කාඩ් පතකට සවිකළහැක

5 Monitors with single HD 6990


6 monitor gaming with Crossfire
0 comments:
Post a Comment