අපි ගේම් එකක් වගේ දෙයක් ගත්තහම ඒ ගේම් එක autorun වෙනව දැකල තියනව නේද? අද මම කියල දෙන්නෙ ඒ වගේ CD එකක් Autorun කරන ආකාරය.මේකට කිසිම software එකක් ඕනෙ නෑ.ඕනෙ notepad එක විතරයි.
autorun.inf යනු කුමක්ද?
CD සඳහා වන ස්වයං ලෙස ආරම්භ වීම බොහෝ පාළක පද්ධතීන් සඳහා පොදුවේ.එමනිසා භාවිතා කරන්නන්ට පහසුවක් සැලසීමට මෙය බොහෝ සෙයින් වැදගත් වේ.මේ සඳහා යොදාගනු ලබනුයේ autorun.inf නම්වන file එකකි.නමුත් මෙම file එක සෑදීම එතරම් අපහසු කාර්යයක් නොවේ.මෙම autorun.inf file එක සෑදීම සඳහාnotepad එක භවිතා කළ හැක.
දැන් notepad එක ඕපන් කරගෙන මෙසේ ටයිප් කල යුතුවේ.
[autorun]
Open=myprograme.exe
Icon=myicon.ico
මෙහි myprograme.exe ලෙස සඳහන් වන්නේ ඔබට කිරීමට open අවශ්‍ය file එකේ නමයි එතනට myprograme.exe කියන එක වෙනුවට ඕපන් කිරීමට අවශ්‍ය එකේ නම යෙදිය යුතුයි.එසේම myicon.ico ලෙස සඳහන් වන්නේ CD-ROM එක සඳහා වන ICON එකයි.මේ සඳහා ඔබට අවශ්‍ය file එකේ නම යෙදිය යුතුයි.
එසේම Folder එකක ඇති EXE එකක් නම් පහත පරිදි කලයුතු වේ.
[autorun]
Open=Folder\myprograme.exe
Icon=myicon.ico
Folder කියන තැනට Folder එකේ නම යෙදිය යුතුවේ.Folder දෙකක් නම් පහත පරිදි වේ
[autorun]
Open=Folder1\Folder2\myprograme.exe
Icon=myicon.ico
එසේම PDF හෝ HTML මෙම ආකාරයෙන් ආරම්භ කළ නොහැක.ඒ සඳහා පහත පරිදි ලිවිය හැක.index.html යන ස්ථානයට PDF,Flash,Powerpoint වැනි ඕනෑම වර්ගයක් ලබා දිය හැක.
මෙම file සේව් කළ යුත්තේ Autorun.inf යනුවෙනි.
මගෙ Doc එකෙන් ප්රයෝජනයක් ගත්තනම් අමතක නොකර Like කරන්න.
0 comments:
Post a Comment